උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ සුපුරුදු පරිදි

අප්‍රේ 04, 2022

    2021 (2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අද (04) දිනයට නියමිත ප්‍රායෝගික පරීක්ෂණ සුපුරුදු පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

    ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වේලාවන් ලබා දී ඇති විභාග අපේක්ෂකයින් නියමිත වේලාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත වාර්තා කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙයි.

    ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඊයේ (03) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වුණු අතර ඊයේ දිනට වේලාවක් ලැබුණ සිසුන් අද දිනයේ දී පරීක්ෂණ ‍මණ්ඩල වෙත පැමිණ දිනයක් සහ වේලාවක් ලබාගන්නා ලෙස ද විභාග කොමසාරිස්වරයා සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Latest News