අගමැති කාර්යාලයේ නිලධාරීන්ට නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස්...

මාර් 31, 2022

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යතුමා යටතේ පවතින අමාත්‍යාංශවල නිලධාරින් වෙත නිවසේ සිට රාජකාරී කරන ලෙස දැනුම් දී තිබෙනවා.

    ඉන්ධන සහ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම පියවර ගත් බව අග්‍රාමාත්‍යතුමාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් වන්නේ. අඛණ්ඩව විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුවද නිලධාරින් සිය රාජකාරි උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව, අග්‍රාමාත්‍යවරයා කෘතවේදී වන බව එහි සටහන් කර තිබෙනවා. ත්‍රස්ත උවදුරෙන් සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජයගත් මෙරට ඉතිහාසයක් ඇති බවත්, වර්තමාන අභියෝගයද ඒ අයුරින්ම ජයග්‍රහණය කිරීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු දෙනා එක් විය යුුතු බවත්, අග්‍රාමාත්‍යතුමාගේ නිල ෆේස් බුක් පිටුවේ සඳහන්.

    Latest News