ශ්‍රී ලංකාවේ දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ

මාර් 25, 2022

    ආතර් සීක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්රි කාව කක්ෂගත කෙරේ.

    නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු(Kyushu)තාක්ෂණ ආයතනය කලාපීය රටවල් සමග ඇති කර ගත් සම්බන්ධතා මත එම ආයතනය මගින් ක්‍රියාත්මක නැනෝ චන්ද්‍රිකා නිර්මාණ ව්‍යපෘතියට ඇතුළත්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වූ අතර එය චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් ලබා නොතිබූ ශ්‍රී ලංකාව වැනි රටවල්වලට පිරිනැමුණු සුවිශේෂී අවස්ථාවක් විය.

    ඒ අනුව 2017 වසරේදී නවීන තාක්ෂංණ පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂූ තාක්ෂමණ ආයතනය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්රියකාව රාවණ-01,2019 ජුනි17 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂ ගත කරන ලදී.

    මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යපෘතියෙහි තවත් පියවරක් ඉදිරිය‍ට තබමින් ආතර් සී ක්ලාක් ආයතනය ඇතුළු ජාත්‍යන්තර ආයතන 5 ක් ඒකාබද්ධව සැලසුම් කර නිර්මාණයකරන ලද කිට්සුනේ(kitsune)නමින් නම්කරන ලද දෙවනනැනෝ චන්ද්‍රිකාව2022 පෙබරවාරි 18 දින සිග්නස් -17 (cygns-17)රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද අතර එම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS)සිට 400 km දුරින් පිහිටි කක්ෂය වෙත මුදාහැරීම ශ්‍රී ලංකා වේලාවෙන් 2022 මාර්තු 24 වන දින ප.ව 5.40 ට සාර්ථකව සිදුකෙරෙණි.

    රාවණ-01චන්ද්‍රිකාව මෙන් 6 ගුණයක විශාලත්වයකින් යුතු මෙම කිට්සුනේ චන්ද්‍රිකාව උසින් සෙ .මී 30 ක් ද, පළලින් සෙ .මී20 ක් ද,ඝනකමින් සෙ .මී 10 ක් ද වේ. ආතර් සී ක්ලාක් ආයතනය ඇතුළු සිංගප්පුරුව ජපානය යන රටවල ආයතන 5 ක සහයෝගිතාවයෙන් නිර්මාණය කළ මෙම කිට්සුනේ චන්ද්‍රිකාව සදහා ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය ලබා දීම ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වීම විශේෂත්වයකි .

    මෙම කිට්සුනේ නැනෝ චන්ද්‍රිකවේ ඇතුළත් සංවේදී කැමරා පද්ධතිය මගින් පෘතුවියේ 5 cm ක පමණ වපසරිය තියුණු ලෙස නිරීක්ෂදණයට ලක් කළ හැකි වේ. තවද පෘතුවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය කිරීම ඇතුළු විද්‍යාත්මක පර්යේක්ෂණ රැසකට ද දායක කර ගත හැකි අයුරින් නිර්මාණය කර තිබේ.

    මෙහි සැලසුම් කිරීම අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා විසින් ද , අනෙකුත් තාක්ෂණිකමය දායකත්වයන් නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය(තාක්ෂණික මෙහෙයුම් ) හා ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන මහත්මා විසින් ද සන්නිවේදන හා උප පද්ධතිවල නිමැයුම් කටයුතු ඉංජිනේරු තරිදු දයාරත්න විසින් ද , ආතර් සී ක්ලාක් ආයතනයේ පෘතුවි ග්‍රාහක මධ්‍යස්ථානයෙහි මෙහෙයුම් කටයුතු ඉංජිනේරු කවීන්ද්‍ර සම්පත් විසින් ද සිදු කරන ලදී .

    Latest News