ඩොලර්, රුපියල් බවට අද (23) කොළඹදී...

මාර් 23, 2022

    කොරියාවේ රැකියාවල නියුතුව මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් හා මෙරට වාසය කරන කොරියානු ජාතිකයන් තමන් සතුව ඇති ඩොලර් රුපියල් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.

    ඒ, කොළඹ කොටුව ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී. 1997 වසරේදී කොරියාව මෙවැනි අර්බුදයකට මුහුණදුන් අතර, ජනතාව තමන් සතු රත්තරන් කොරියානු රජයට බාරදී එම ආර්ථික ගැටලුවෙන් ගොඩඒම සඳහා තම දායකත්වය ලබාදුන් බවයි, ඔවුන් මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාව ද ඉතා ඉක්මනින් මෙම අර්බුදය විසඳාගනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකරනවා.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 20:01

    Latest News