කාලගුණය ගැන ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

මාර් 22, 2022

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් මියන්මාර වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වැළකිය යුතුබවට එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

    මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (22) සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයෙර්දී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් සුළං ඇතිවිය හැකියි. 

    Latest News