කැරොලයින් ජූරි ට එරෙහි නඩුව

මාර් 14, 2022

    ඉකුත් වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජින තරගයේ දී කිරුල දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා තුවාල සිදු කළේ යැයි කියන තවත් විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එහිදී කුරුදු වත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

    ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළා.

    Latest News