සෞදි අරාබි විදේශ ඇමති ලංකාවට

මාර් 14, 2022

    සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා නිල සංචාරයක් සඳහා අද (14) අලුයම දිවයිනට පැමිණියේ ය.

    සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.20ට පමණ අමාත්‍යවරයා සමග තවත් සාමාජිකයින් 17 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

    සෞදි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    Latest News