එළවළු වගාවෙන් සාර්ථක අස්වැන්නක්...(වීඩියෝ)

මාර් 13, 2022
  • වස විසෙන් තොර රටක් සඳහා කාබනික පොහොර වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත ගෘහ තුළ වගා කළ එළවළු වගාවක් තුළින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට මේ වනවිට හැකි වී තිබෙනවා.

    ගොවීන් පවසන්නේ, එක් කන්නයක් තුළ පමණක් රුපියල් ලක්‍ෂය ඉක්මවූ ඉහළ ආදායමක් ඔවුන්ට ලබාගත හැකි වූ බවයි. දිස්ත්‍රික්කයේ ගොවීන් 300කට අධික පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා එක්වී තිබෙනවා. පරිසර හිතකාමී කාබනික කෘෂි කර්මාන්තය හරහා නිෂ්පාදනය ඉහළ නැංවීම, අවාරයේ එළවළු නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම මේ හරහා සිදු කෙරෙනවා.

    Latest News