'ZEN – THE ESSENCE OF JAPANESE BEAUTY' චිත්‍ර ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන්

මාර් 08, 2022

    ජපාන - ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පී ආචාර්ය එච්.ඒ කරුණාරත්න මහතාගේ  ZEN – THE ESSENCE OF JAPANESE BEAUTY චිත්‍ර ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ තිඹිරිගස්යාය ගැලරි ෆෝලයිෆ් (Gallery FourLife) ස්ථානයේ දී විවෘත විය.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ මෙම චිත්‍ර ප්‍රදර්ශනය අද (08) සිට මාර්තු 14 දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 05 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතියි.

    දැනට අනූ තුන්වැනි වියේ පසුවන ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පී ආචාර්ය එච්.ඒ කරුණාරත්න මහතා ජපාන රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානයක් වන “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානයට ද පාත්‍ර වූවෙකි.

    චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ආචාර්ය එච්.ඒ කරුණාරත්න මහතා  එතුමන් විසින් සිතුවම් කළ චිත්‍රයක් ඇතුළු සමරු තිලිණ අග්‍රාමාත්‍යතුමා වෙත පිරිනැමුවේය.

    මෙම චිත්‍ර  ප්‍රදර්ශනයේ අභිරක්ෂක ලෙස චතුරංග බියගම මහතා කටුතු කරයි.

    චිත්‍ර ප්‍රදර්ශනය විවෘත  කරන අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (MIZUKOSHI Hideaki) මහතා, ආචාර්ය එච්.ඒ කරුණාරත්න මහතාගේ පවුලේ සාමාජිකයින්  සහ Gallery FourLife කළමනාකාර අධ්‍යක්ෂ චතුරංග බියගම මහතා ඇතුළු ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත  පිරිසක් එක්ව සිටියහ.

    Latest News