තේවත්තෙන් මතුවූ කෝටි 3ක වාලම්පුරිය

මාර් 03, 2019

    රුපියල් කෝටි තුනකට මිලකර තිබූ වාලම්පුරියක් රුපියක් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්හකළ සැකකරුවෙක් හාලිඇල, උඩුවර හතේ කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයක දී වාලම්පුරිය සමග සැකකරු සොයාගත් අතර වැටලීම සිදුකළේ ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින්.

    තොරතුරක් මත උපාය දූතයෙක් යොදවා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.

    කම්කරු නිවාසයක් තුලා ලැයිම් කාමරයක් තුල සුදුහාල්වලින් ආවරණය කර තිබූ මෙම වාලම්පුරිය යාපනයේ සිටි රැගෙන ආ බව සැකකරුගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය විය.සැකකරු නාවලපිටියේ තේවත්තක පදිංචිකරුවෙක්.

    Walampuriya1

    Walampuriya2

    Walmpuriya3

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 08:49

    Latest News