ICC පූර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට නැවතත්

මාර් 02, 2019

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අද පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමට සහභාගිවි සිටි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් කිහිපයකින් එකක්වේ. පසුගිය 21 වැනිදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණයෙන් ජයගත් ෂම්මී සිල්වා මහතා එහි සභාපති ලෙස පත්විය.

    “මාස 9 ක කාලයක් ‘නිරීක්‍ෂක’ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි යනුවෙන් ඔහුගේ ටුවිට්ටර් ගිණුමේ සඳහන් කර ඇත. මේ අවස්ථාවේදී මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාණ්ඩලික රැස්වීමට සහභාගි වෙමින් සිටින්නෙමි” යයි ද ඔහු පවසයි

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 17:39

    Latest News