දේශීය කහ කුඩු කිලෝවක් රු. 2,300කට....(වීඩියෝ)

මාර් 04, 2022
  • දේශීය කහ කුඩු කිලෝවක් රුපියල් 2,300කට මිලදී ගැනීමට කුළු බඩු සංස්ථාව පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

    කිලෝ 5කට වඩා මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 2,250 බැගිල් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ 17 වැනි ශාඛාව, රත්නපුර, කුරුවිට නගරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    දේශීය කහ කුඩු කිලෝවක් සහිත ඇසුරුමක් ද මෙහිදී වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. රත්නපුර, ගම්පහ, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් අමු කහ කිලෝ හාර ලක්‍ෂ 38 දහසක් මිලදී ගැනීමට පියවර ගැනුණා. කිලෝවක උපරිම මිල රුපියල් 165ක්.

    Last modified on සිකුරාදා, 04 මාර්තු 2022 20:22

    Latest News