ශ්‍රී ලාංකික ධීවරයින් මාලදිවයින් අත්අඩංගුවට

මාර් 02, 2019

    ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා 4ක් සහ ධීවරයන් 25 දෙනෙකු මාලදිවයින් අත්අඩංගුවට පත්ව තිබේ.

    ඔවුන් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු රජය ආරම්භ කර ඇති බව, ධීවර දෙපාර්තමේන්තුව පවසයි. මාලදිවයින් වෙරළාරක්‍ෂක බලකායේ බාරයට පත්ව ඇත්තේ, හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රා 4ක්. මාලදිවයිනේ මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව, එරට වෙරළාරක්‍ෂක බලධාරීන් දැනුම් දී ඇත.

    යාත්‍රා දෙකක් මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමෙන් පසු තවත් යාත්‍රා 2ක් සමඟ ඒවා හුවමාරු කර ගැනීමේ යෙදී තිබෙන බව වාර්තාවේ. ඔවුන් එම ක්‍රියාවේ යෙදී ඇත්තේ මාලදිවයිනට අයත් මුහුදු සීමාවේදී බව එරට වෙරළාරක්‍ෂක බලධාරීන් දැනුම් දී ඇත.

    බටහිර ආසියානු අන්තර් ජාතික මුහුදු සීමාවට පිවිසීම සඳහා මෙරට ධීවරයින් මාර්ග දෙකක් භාවිත කර තිබේ. විවිධ හේතු මත ධීවරයින් එම මාර්ගවලින් බැහැරවීමේදී අර්බුද මතුව ඇත.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 19:27

    Latest News