දුම්රියක ගැටී තරුණියක් හා තරුණයෙක් මරුට

මාර් 02, 2019

    අද (02) උදෑසන 9.10ට පමණ කොළඹ කොටුවේ සිට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියකට නාවලපිටිය ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙක් ගැටීමෙන් මියගොස් තිබේ.

    මියගිය දෙදෙනා එකට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර, තවත් තරුණියක් ජංගම දුරකථනයෙන් කතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිට ඇත.

    ඇල්ල දෙසට ධාවනය වූ දුම්රිය දුටු තරුණයා ඔහු සමග ගමන්කළ තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලුකර ඉදිරියෙන් ගමන් කළ තරුණිය බේරා ගැනීමට උත්සහ කිරීමේ දී දෙදෙනාම දුම්රියේ ගැටී ඇති බවට අනාවරණය වී ඇත.

    මෘත ශරීරයන් නාවලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ. නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 13:29

    Latest News