අද දිවා කාලයේ පමණක් පැය 3ක් විදුලිය කැපෙයි

පෙබ 26, 2022

    අද දිනයේ ද (26) පැය 03 කට ආසන්න කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කෙරෙන බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනූව අද A B C කලාපවල පැය 03 ක කාලයක් සහ සෙසු කලාපවල පැය දෙකහමාරක කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කෙරෙන බවයි.

    හෙට දිනයේදී A B C කලාපවල දහවල් කාලයේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර සෙසු කලාපවල විදුලි විසන්ධි කිරීමක් සිදුනොවේ.

    කෙසේ වෙතත්, අද සහ හෙට යන දින 02 තුළ රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බවයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ.

    Latest News