ගොවි ඉල්ලීම්වලට ප්‍රතිචාර.....

පෙබ 24, 2022

    ගොවි ජාතික සමුළු‍වේ ගොවීන් පිරිසක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

    ඔවුන්, රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. මෙම ඉල්ලීම්වලට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් යහපත් ප්‍රතිචාරයක් අද ලැබී තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ ගොවි නියෝජිතයන් සාකච්ජාවක් පැවැත්වුවා. කාබනික ගොවිතැනට යොමුවීම හේතුවෙන් අස්වැන්නට යම් බලපෑමක් ඇති වූයේ නමි ඒ පිළිබඳව අවධානය යොමු කරන බව, මෙහිදී ප්‍රකාශ කෙරුණා. වන්දි මුදල් නොලැබුණු ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. කාබනික පොහොර සැපයීම, එළවළු ඇතුළු අනෙකුත් භෝග වගා කරන ගොවීන්ගේ ගැටලු හා පළිබෝධක මිල සම්බන්ධයෙන් වූ ගැටලුවලට අමාත්‍යවරයාගෙන් අද යහපත් ප්‍රතිචාරයක් හිමිවුණා.

    Latest News