පළාත් කිහිපයකට හෙටත්, විදුලිය කප්පාදුවක්.....

පෙබ 24, 2022

    හෙට දිනයේ ඇතැම් පළාත්වලට පැය 5කට වැඩි කාලයක් විදුලි විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

    ඒ, මහජන උපයෝගීතා කොමිෂන් සභාව මණ්ඩලයට දී ඇති අවසරය මතයි. ඒ අනුව, ඒ, බී, සී කලාපවලට පැය 4යි, මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා. සෙසු කලාපවල විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 5යි මිනිත්තු 15ක කාලයක් සඳහායි. ඒ, හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.30 දක්වා කාල සීමාව තුළයි. දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙන්නේ, උපරිම වශයෙන් පැය 2යි, විනාඩි 45ක් පමණයි. රාත්‍රී කාලයේ පැය දෙක හමාරක උපරිම කාලයකට විදුලිය විසන්ධි කෙරෙනවා.

    මේ අතර, අද දිනයේත් ඒ, බී, සී කලාප සඳහා පැය 4යි. මිනිත්තු 40ත්, සෙසු ප්‍රදේශ සඳහා පැය 4යි විනාඩි 30ත් අතර කාලයක් සඳහා විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙනවා. පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1,628ක විදුලි ධාරිතාවක් අහිමි වනවා. විදුලිය විසන්ධි කිරීමට අදාළ කාලසටහන www.runews.lk වෙබ් අඩවියේ දැක්වෙනවා.
    ආයෝජන ප්‍රවර්ධන කලාපවලට විසන්ධි කිරීමකින් තොරව විදුලිය ලබාදෙන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කෙරුණා.

    Latest News