ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇත්තේ අනගිභවනීය මිත්‍රත්වයක්; අමාත්‍ය ඩලස්

පෙබ 24, 2022

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇත්තේ අනගිභවනීය මිත්‍රත්වයක්.

    සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂේත්‍ර කරා විහිදුණු මෙම සමීප සබඳතාවෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වුණා. එබැවින් ජපානය, ශ්‍රී ලංකාවේ ඉහළම ආධාරකරුවා බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

    ශ්‍රී ලංකාව, ජපානයේ සංචාරක හා ආයෝජන ගමානාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නැයි අමාත්‍යවරයා, මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ, ජපන් තානාපති නිල නිවසේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතා ලෙස එක්වෙමින්.

    Latest News