"පීයුනිස්" ළමා චිත්‍රපට උලෙළේ අවසාන වටයට ජාතික රූපවාහිනිය නිර්දේශ වේ...

පෙබ 22, 2022

    "පීයුනිස්" ලෝකයේ ප්‍රධාන පෙළේ ළමා චිත්‍රපට උලළෙක්. එම සම්මාන උලෙළේ අවසාන වටය සඳහා ජාතික රූපවාහිනිය නිර්දේශ වී තිබෙනවා.

    එහි තරඟකාරී අංශයේ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත්තේ, නිශාධි බන්ඩාරනායක අධ්‍යක්ෂණය කළ "පාර කියන අත්තම්මා" වැඩසටහනයි. ශක්තිමත් ළමුන් සඳහා ශක්තිමත් කතාකීම, එම උලෙළේ තේමාවයි. "පියුනීස්" අන්තර්ජාතික සම්මාන උලෙළේ, අවසන් වටය සඳහා නිර්දේශ වූ නිර්මාණකරුවන්ගේ නාමාවලිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලොව වටා නිර්මාණකරුවන්ගේ නිර්මාණ 400 ක් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණා.

    වයස අවුරුදු 7-10 ප්‍රබන්ධ නොවන කතා, කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ "පාර කියන අත්තම්මා" හෙවත්, "ග්‍රෑන්ඩ් මා හූ ලීඩ්ස් ද වේ" වැඩසටහන සමග එක්සත් රාජධානිය, ජර්මනිය, නෝර්වේ, බ්‍රසීලය, ඊශ්‍රායලය, චිලී, මොංගෝලියාව, පිලිපීනය, තායිලන්තය, කොලොම්බියාව යන රටවල නිර්මාණ, අවසන් වටය සඳහා නිර්දේශ වී තිබෙනවා.

    මේ අතර, අතුල දිසානායක අධ්‍යක්ෂණය කළ "රොබින්හුඩ් ආමි" උදාන්ත ගුණතිලක අධ්‍යක්ෂණය කළ "කලර් ඔෆ් ෆ්‍රේරෙන්ඩ්ෂිප්" තුලිත විදානපතිරණ අධ්‍යක්ෂණය කළ "එමි යමි" වැඩසටහන් උලෙළේ නාමාවලියට ඇතුළත් කිරීමට තෝරාගෙන තිබෙනවා. "පියුනිස්" සම්මාන උලෙළ, ජුනි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ජර්මනියේ, මියුනිච් නුවරදී පැවැත්වීමට නියමිතයි.

    Latest News