අද දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක්

පෙබ 21, 2022

    දිවයින පුරා අද (21) පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

    ඊට අමතරව දකුණු පළාතට ද අද දින පැය තුනක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ජල විදුලි උත්පාදනය සීමා කිරීමට සිදුවීමත් විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ගැටලුවක් මතුවීමත් යන කාරණා නිසා මෙසේ දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ඒ මහතා තවදුරටත් පැවසීය.

    විදුලිය කප්පාදු කරන කාලසටහන අද දහවල් මහජන උපයෝගිතා කොමිසම විසින් නිකුත් කිරීමට නියමිතය.

    Latest News