ලොකුම කුඩුවල අයිතිය දකුණේ සහ කොළඹ පාතාලයේ 02 කට

මාර් 01, 2019

    මෙරටින් හමුවු විශාල මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ කිරුලපනේ මොරිල් සහ කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයින්ට වරෙන්තු නිකුත් කර තිබේ.

    මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත්වු සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් 05 කගේ නම් පොලිසිය විසින් හඳුනා‍ ගෙන තිබේ.

    එම තොරතුරු අනුව කිරුලපනේ මොරිල් සහ කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනිමේ වරෙන්තු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසිය අද ලබාගෙන ඇත.

    කිරුලපනේ මොරිල් සහ කොස්ගොඩ සුජී රටින් පිටව ඩුබායි හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බව පොලිසිය පවසයි. ඉදිරියේදි මොවුන් අත්අඩංගුවට ගැනිමේ නිල් වරෙන්තුවක් ලබා ගැනීමට නියමිතයි.

    හෙරොයින් කිලෝ ග්‍රෑම් 294.4 ත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාර්තු 01 තෙක් රඳවා ප්‍රශ්න කිරිමට පෙබරවාරි 24 වැනිද අධිකරණයෙන් පොලිසියට අවසර ලැබිණ. එ අනුව අද ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.

    Latest News