ලෝක මට්ටමේ සැසියක් ලංකාවේදී

මාර් 01, 2019

    හරිත කොළඹ සහ ලෝක පුනර්ජනනීය බලශක්තියේ 19 වැනි සැසිවාරය ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. සැප්තැම්බර් 29 වැනි දින සිට ඔක්තොම්බර් මස 04 වැනි දින දක්වා එය පැවැත්වෙන බව, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. නගර සංවර්ධනයේදී පරිසර හිතකාමී බලශක්ති භාවිතය, අවම පිරිවැයකින් ගෘහ නිර්මාණ සිදුකිරීම, පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය, වැඩි වන බලශක්ති ඉල්ලුමට විසදුම් ලබාදීම, සුහුරු නගර සහ අධික වාහන තදබදය ඇතුළු ප්‍රවාහන ගැටලු වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව මෙම සම්මේලනයේදී සාකච්ඡා කෙරේ.

    Latest News