පින්නවලට වසර 47ක්

පෙබ 17, 2022

    පින්නවල අලි සංරක්ෂණාගාරය ආරම්භ කර වසර 47ක් සපිරෙයි. ඒ නිමිත්තෙන් සංවිධාන කෙරුණු කුංචනාදය 47 වැනි සැමරුම ඊයේ පැවැත්විණ. පින්නවල අලි සංරක්ෂණාගාරය අලි පැටවුන් 5 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කෙරුණේ, 1957 පෙබරවාරි 16 වැනි දිනයි.

    වනයේ හමුවන අනාත වූ අලි ඇතුන්ගේ ජීවත් වීමේ අවස්ථාව තහවුරු කිරීම මෙහි අරමුණ වන අතර අලි සංරක්ෂණාගාරය ආරම්භ කරන ලද්දේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මෙය මෙරටට විදේශ විනිමය ගෙන දෙන සංචාරක කේන්ද්‍රස්ථානයක් ද වෙයි. අනාථවන අලි ඇතුන් රැකබලාගන්නා මෙරට එකම මධ්‍යස්ථානය වන්නේ ද පින්නවල අලි සංරක්ෂණාගාරයයි. 

    1987 වසරේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරා ගැනුණු පින්නවල අලි සංරක්ෂණාගාරය තුළ 1982 සිට සත්ව අභිජනන වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. එම ස්ථානයේ මේ දක්වා අලි පැටවුන් 75 දෙනෙකු පමණ උපත ලබා තිබේ.

    කුංචනාදය 47 වැනි සැමරුමට සමගාමීව පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහිකයින්ට ඊයේ ත්‍යාග පිරිනැමිණ. ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අලි ඇතුන්ට කිරිබත් හා පළතුරු සංග්‍රහයක් ද සිදුකෙරිණ.

    Latest News