කුරාම් ෂෙයික් ඝාතන අභියාචනය මාර්තු 05

මාර් 01, 2019

    බ්‍රීතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරද සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු පස් දෙනෙකුට පිරිනැමු දඬුවමට එරෙහි අභියාචනාය ලබන 05 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

    අභියාචනා පෙත්සම් ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු හමුවේ අද කැඳවනු ලැබිණ.

    2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මඝාතනය කර පෙම්වතිය දූෂණය කිරීමට වරදකරු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් පනවා තිබේ.

    මහාධිකරණය සිරදඬුවම් නියම කිරිම නීතියට පටහැනි යැයි පවසමින් එම දඬුවමින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News