හෙට සහ අනිද්දා විදුලිය කප්පාදුවක්

ජන 24, 2022

    අද (24 ) සිට පැයක සහ හෙට (25 ) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේය.

    විදුලිය විසන්ධි කරන වේලාව දැක්වෙන කාලසටහන අද (24 ) මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

    මේ වන විට ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද හා කැලණිතිස්ස බලාගාර සම්පූරණයෙන් අක්‍රීයවී තිබේ. ඒ අනුව මේ වන විට ජාතික පද්ධතියට අහිමිවී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 400 කට ආසන්නයි.

    Last modified on සදුදා, 24 ජනවාරි 2022 10:29

    Latest News