විසිතුරු මසුන් අපනයනයෙන් රටට විදේශ විනිමයක්....(වීඩියෝ)

ජන 23, 2022
  • විසිතුරු මසුන් අපනයනයෙන් රටට විශාල විදේශ විනිමයක් ලබාදීමේ හැකියාව තමන්ට ඇතැයි, කොළොන්නාව විසිතුරු මත්ස්‍ය හා ජලජීවි වගාකරුවන්ගේ සංගමය පවසනවා.

    ඊට රජයෙන් තවත් සහයෝගය අපේක්‍ෂා කරන බවයි, ඔවුන් පවසන්නේ. පසුගිය දෙවසර තුළ කොරෝනා වසංගතයත් සමඟ සුරතල් මසුන් අපනයනය සඳහා බාධා පැමිණිය ද ඊට රජයේ මැදිහත්වීම ලැබීම හේතුවෙන් බාධාවකින් තොරව මත්ස්‍ය අපනයන ව්‍යාපාරය කරගෙන යාමට හැකිවූ බවයි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් පවසන්නේ.

    Latest News