හක්කිඳ පරිසරය විනාශ කරමින් කළ ඉදිකිරීම්, රජයට පවරා ගන්නවා; අමාත්‍ය අමරවීර

ජන 23, 2022

    මහනුවර, වරාතැන්න මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි හක්කිඳ පාරිසරික ප්‍රදේශයේ පරිසරය විනාශ කරමින් සිදු කර ඇති සියලු ඉදිකිරීම් රජයට පවරා ගැනීමට ක්‍රියා කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා ද මෙම පාරිසරික විනාශය පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි, අමාත්‍යවරයා එම ප්‍රදේශය ඊයේ නිරීක්‍ෂණය කළේ. හක්කිඳ ප්‍රදේශය පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශයක් ලෙස 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත් කෙරුණා. එය කිසිදු සැලකිල්ලකට නොගනිමින් ඇතැම් පුද්ගලයන් නීති විරෝධි ලෙස ගංගාව ආශ්‍රිතව ඉදිකිරීම් සිදු කරනවා. මෙම ප්‍රදේශයේ පරිසර හානියක් සිදු කිරීමට කිසිසේත් ඉඩදිය නොහැකි බවයි, නිරීක්‍ෂණ චාරිකාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා කියා සිටියේ. මෙවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

    Latest News