කේරල ගංජා අත්අඩංගුවට

පෙබ 27, 2019

    පේදුරුතුඩුවට මුහුදු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදා යාත්‍රා මඟින් උතුරු මුහුදේ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණ කර ඇති අතර, අදාල ඩිංගි යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක ප්‍රමණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

    මෙම කේරළ ගංජා තොගය පර්සල් දෙකක බහා තිබි ඇති අතර, ඒවා ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි, පොලීසිය වෙත භාර දීමට නියමිතය.

    ඒ අනුව, මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුම් අවස්ථා හයකදී (06) කේරළ ගංජා කිලෝග්‍රෑම් 442.2 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    රජයේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංකල්පයට සමගාමිව නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය වැටලිම උදෙසා ශ්‍රී ලංකාව අවට සාගර කලාපය තුළ වැඩිදියුණු කළ උපායශිලි මෙහෙයුම්වල ප්‍රථිපලයක් වශයෙන් සාපේක්‍ෂව මෙම වසරේදි මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

    ඉදිරියේදී නවතම තාක්‍ෂණික ක්‍රම භාවිතය තුලින් මත්ද්‍රව්‍ය මැඩලීම උදෙසා නාවික හමුදාව සුවිශේෂි මෙහෙවරක් ඉටු කිරීමට බලාපොරොත්තු වේ.

    Latest News