නොරොච්චෝල සුළං බාධකයේ ඉදිකිරීම්, ලබන අගෝස්තුවට පෙර

පෙබ 27, 2019

    නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ ගල් අඟුරුවලින් නිකුත් වෙන දූවිලි අංශු පැතිරීම වැළැක්වීමට ඉදිවන සුළං බාධකයේ ඉදිකිරීම්, ලබන අගෝස්තු මාසයට පෙර අවසන් කෙරේ.

    ලංකා විදුලිබල මණ්ඩලය, ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600ක්. නොරොච්චෝලේ, මෙරට ඉදි කෙරුණු පළමු ගල් අඟුරු විදුලි බලාගාරයයි. බලාගාරයට අයත් අක්කර 48ක ගල් අඟුරු ටොන් මිලියන 1.2ක් ගබඩා කර තිබේ. එය මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා ඇති බැවින්, මතුපිට ඇති ගල් අඟුරු අවට ප්‍රදේශවලට සුළඟේ ආධාරයෙන් පැතිරයාමෙන් ගැටලු රැසක් ඇතිවිය.

    ඊට පිළියමක් ‍ලෙසයි, සුළං බාධකය ඉදි කෙරෙන්නේ. ආනයනය කෙරුණු විශේෂිත ලෝහයකින් සහ ෆයිබර්වලින් මෙම සුළං බාධකය ඉදි කෙරේ. එහි දිග මීටර් 1,200ක් වන අතර, උස මීටර 15ක්. සුළං බාධකයේ ඉදිකිරීම් මේ වනවිට 70%කින් අවසන්වී ඇත. මීට සමගාමීව බලාගාරය තුළ සහ අවට මාර්ග දෙපස පැළ 13,000ක් රෝපණය කෙරිණ. තවත් පැල 2,000ක් රෝපණය කිරීමට නියමිතවේ.

    Latest News