''ත්‍රී රතන'' - මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතනයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ජන 20, 2022

    මැලේසියා සහ ශ්‍රී ලංකාවේ ''ත්‍රී රතන'' සමාජ සේවා ආයතන මගින් රුපියල් මිලියන 2.4 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පසුගිය දින සිදුවිය.

    එම සමාජ සේවා ආයතනයේ අධ්‍යක්‍ෂිකා සුභද්‍රා බණ්ඩාර මහත්මිය විසින් ඖෂධ නිෂ්පාදනය,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචර්ය චන්න ජයසුමන මහතා වෙත එම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.

    මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධර්මරතන නායක ස්වාමීන්වහන්සේ විසින් ආරම්භ කරන ලද හා උපදේශකත්වය දරන ''ත්‍රී රතන'' - මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබන 'කෝවිඩ් 19' රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු ද සහභාගි විය

    මෙම පරිත්‍යාග අතරට, 

    Medical Oxygen Concentrator SL,Covid-19 Self -Test Kits, Oxygen Mask - Adult,Nasal Cannulaයන වෛද්‍ය උපකරණ ද ඇතුළත් වේ.

    Latest News