රූපවාහිනි වාර්තාකරු සුගත් මංගල අභාවප්‍රාප්ත වෙයි

ජන 19, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 1991 වසරේ සිට ගාල්ල දිස්ත්‍රික් වාර්තාකරු ලෙස මේ දක්වා කටයුතු කළ සාම විනිසුරු සුගත් මංගල ගමගේ මහතා රෝගී තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

    එය මහතා දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරන අතර ප්‍රදේශයේ සමිති සමාගම් රැසක ම නිලතල දරන සමාජ සේවකයෙකු ද වේ. මිය යන විට අවුරුදු පනස් එකක් වන අතර මොහුට දියණියක් හා පුතෙකුද සිටිති. දේහය කුරුදුහේන,යටලමත්ත, ගාල්ල යන ලිපිනයෙහි ඒ මහතාගේ නිවසෙහි තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20) දින පස්වරු 6 ට බද්දේගම ආදාහනාගාරයේ දී සිදු සිදුකිරීමට නියමිතය.

    Latest News