රට දියුණු කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍යයි; පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි...(වීඩියෝ)

ජන 15, 2022
  • රට දියුණු කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් පවසනවා.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා, අනුනායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී, විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයන් තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නේ නම්, රට වඩා යහපත් කිරීමට හැකියාව තිබූ බවයි....

    ආණ්ඩුකාරතුමා, අනුනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව, ඓතිහාසික ගෙඩිගේ විහාරයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කළා.  ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා.

    Latest News