පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද හිමිගේ දේහයට, අගමැතිතුමාගෙන් අවසන් ගෞරව...

ජන 15, 2022

    අපවත්වී වදාල පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද හිමියන්ගේ දේහයට, අග්‍රාමාත්‍යතුමන් අද අවසන් ගෞරව දැක්වූවා.

    උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇත්තේ, නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ. අපවත්වී වදාල පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ කාරක සංඝ සභික නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙනේ විහාරස්ථානාධිපති ලෙස ක්‍රියා කළා.

    අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, ඥාතීන් සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කරනු ලැබුවා. ගලපිටමඩ ග්‍රාමයේදී 1961 මැයි 28 උපන් උන්වහන්සේ,  පැවිදි දිවියට පිවිසෙන්නේ 1973 වසරේදී. පරකන්දෙනිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් විහාරස්ථානයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබුවා අවසන් කටයුතු නිට්ටඹුව ක්‍රීඩාංගනයේදී හෙට (16) සවස සිදුකිීරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 17:29

    Latest News