මානව හිමිකම් සුරැකීම ගැන බ්‍රිතාන්‍ය පැසසුම

පෙබ 27, 2019

    මානව හිමිකම් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග පිළිගන්නා බව, බ්‍රිතාන්‍ය පවසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ අමාත්‍ය මිම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා කියා සිටියේ, දීර්ඝ කාලීන සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිඥා ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිරිගන්වන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගියදා ආරම්භ විය.

    එය ඇමතූ බ්‍රිතාන්‍යයේ විදෙස් කාර්යාලයේ අමාත්‍ය අහමඩ් සාමිවරයා...

    "මෙය යථාර්තවාදී ලෝකයක් නම් මානව හිමිකම් කවුන්සිලය අපට අවශ්‍ය නැහැ..රාජ්‍යන් තම පුරවැසියන්ගේ මානව හිමික්ම් සුරක්ෂිත කරාවි...මම මගේ කථාව ධානාත්මක තැනකින් අවසන් කරනවා..ශ්‍රී ලංකා රජය, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගත් ක්‍රියාමාර්ග අප පිළිගන්නවා..ඉඩම් නිදහස් කිරීම හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම වැදගත් පියවරයන්..අප ශ්‍රී ලංකාව දිරි ගන්වනවා..දීර්ඝ කාලීන සංහිඳියාවක් සඳහා ඔවුන් මානව හිමිකම් කවුන්සිලයට ලබා දී ඇති ප්‍රතිඥා ඉටු කිරීමට හැකි වන ලෙස.."

     

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 17:08

    Latest News