මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ගැන අගමැතිතුමාගේ විශ්වාසය

ජන 12, 2022

    පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.



    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පිළිගැනීම උදෙසා පැවති ‘‘යතිවර හරසර’’ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (11) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ‘‘යතිවර හරසර’’ උපහාර පිදීමේ උත්සවය පැවැත්විණි.

    රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය රජමහා විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණවැවේ ඥාණතිලක ස්වාමින්වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන ස්වාමීන්වහන්සේ සහ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා මෙහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේගේ ජීවන දර්ශනයට අදාළව දෙසුම් පැවැත්වූහ.

    ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි නාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු මෙහි පැමිණ සිටියහ.

    ‍‍මෙමඅවස්ථාවටකැබිනට් අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන්, රාජ්‍යඅමාත්‍යවරුන්පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් , රාජ්‍ය නිලධාරීන්,හෙද හෙදියන් ඇතුලු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.

    Latest News