චීනයෙන් මෙරටට රු.බිලියන 25.5ක පරිත්‍යාගයක්

ජන 11, 2022

    චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ව්‍යාපෘති කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීමට එකඟ වී තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එහිදී ව්‍යාපෘති 4ක් සිදුකිරීමට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන බවයි.

    ඒ අනුව, එම ව්‍යාපෘති අතරට, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අලුත්වැඩියා කිරීම, වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ හැකියාව ඇති උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ නගරයේ වෙසෙන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම ද ඇතුළත්ය.

    Latest News