ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

ජන 09, 2022

    දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසිද, ඌව පළාතේ සහ අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුලං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News