ත්‍රීවිලර්-ලොරි ගැටුමෙන් අයෙක් මරුට...

ජන 09, 2022

    අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් , ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.

    අනතුරින් මියගියේ ගිනිගත්හේන පදිංචි යොහාන් චමල් බණ්ඩාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක්. අනතුර හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදී සිදුවුණා. ඉන් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර, ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි. අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

    Last modified on ඉරිදා, 09 ජනවාරි 2022 10:31

    Latest News