වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

දෙසැ 27, 2021

    ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන්. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූ අග්‍රාමාත්‍යතුමා, ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්, එහි සමරු පලකය නිරාවරණය කළා. මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත විදයම අමෙරිකානු ඩොලර් මිලියන 28 ක්.

    PM2 900px 21 27

    එම මුදල සහන ණයක් ලෙස ලබාදීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල ගිවිසුම්ගතවී තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය සහ මාකඳුර පරිශ්‍රයන් කේන්ද්‍රකර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කුලියාපිටිය පරිශ්‍රයට රුපියල් මිලියන 1942 ක් සහ මාකඳුර පරිශ්‍රයට රුපියල් මිලියන 1973 ක් වැය කෙරෙනවා. දැනට පවතින පීඨ ගොඩනැගිලි සංකීර්ණයට උපකරණ මිලදී ගැනිම සඳහා තවත් රුපියල් මිලියන 262 ක් වෙන්කර තිබෙනවා. ව්‍යාපෘතියේ සමාරම්භයට සමගාමීව වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ නව පුස්තකාල ගොඩනැගිල්ලට මුල් ගල තැබීමද සිදු කෙරුණා.

    PM3 900px 21 27

    ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 259 ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බී වයි ජී රත්නසේකර, සමන්ප්‍රිය හේරත්, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නසීර් බින් හුසේන් අල් - හර්ති, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සුල්තාන් ආර් මර්ෂාඩ්, වයඹ විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති වෛද්‍ය සංජීව බෝවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියා.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් අධ්‍යාපන අංශය විසින්. රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සරිලන පරිදි වෘත්තීයමය වශයෙන් දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීම අරමුණයි. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද අරලියගහ මන්දිරයේ සිට මේ අවස්ථාව එක් වුණා.

    Latest News