ද.ආසියානු රටවල් රැසකින් පෙට්‍රල් මිල අවම අගයක් පවතින රට ශ්‍රී ලංකාව...මහ බැංකුව කියයි

දෙසැ 24, 2021

    ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක් අතුරින් ඩීසල් හා පෙට්‍රල් මිල වාර්තා වන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ඒ අනූව මෙරට ඩීසල් මිල ලීටරයකට එක්සත් ජනපද ඩොලර් 0.600ක් ලෙස දැක්වෙයි. පෙට්‍රල් මිල, ලීටරයකට එක්සත් ජනපද ඩොලර් 0.880ක් ලෙසින් වාර්තා වී ඇතැයි ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
    එම නිවේදනයට අනූව දකුණු ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයට හිමිකම් කියන්නේ ද ශ්‍රී ලංකාවයි. ඒ එක්සත් ජනපද ඩොලර් 3682ක් ලෙසින්.

    දකුණු ආසියානු කලාපයේ භූතානය හා බංග්ලාදේශය පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙයි. ඉන්දියාව හා පකිස්තානය පසුවන්නේ තෙවැනි හා සිව්වැනි ස්ථානවලයි.

    නේපාලයට හිමිව ඇත්තේ සයවැනි ස්ථානයයි. ඇෆ්ගනිස්ථානය එම ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවෙයි.
    ඩීසල් මිල වැඩිම රට වන්නේ ඉන්දියාවයි. ඒ ලීටරයට එක්සත් ජනපද ඩොලර් 1.194ක් ලෙසින්. භූතානයේ ඩීසල් මිල 1.094ක්. නේපාලයේ ඩීසල් ලීටරයක මිල 0.982ක් වෙයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඩීසල් ලීටරයක මිල පරතරය දෙගුණයකට ආසන්න මට්ටමක පවතියි.

    පෙට්‍රල් ලීටරයක වැඩිම මිල ඉන්දියාවෙන් වාර්තා වන අතර එය ලීටරයට එක්සත් ජනපද ඩොලර් 1.357ක්. භූතානයේ ලීටරයක මිල 1.138ක්. නේපාලයේ හා බංග්ලාදේශයේ ලීටරයක මිල පිළිවෙළින් 1.22 හා බංග්ලාදේශයේ 1.038ක්. එම සටහනේ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල එක්සත් ජනපද ඩොලර් 0.880ක් ලෙසින් පවතියි.
    ශ්‍රී ලංකාවට වඩා අඩුවෙන් පෙට්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන රටවල් දෙකක් වන අතර ඒ පකිස්තානය හා ඇෆ්ගනිස්තානයයි.

    Last modified on සිකුරාදා, 24 දෙසැම්බර් 2021 12:17

    Latest News