මෙම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
ඒ අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලිසිය අධිකරණය ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරු ලබන 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළා