ඉන්ධන මිල වැඩිවේ

දෙසැ 21, 2021

    මෙරට විදේශ සංචිත ශීඝ්‍රයෙන් ක්ෂය වීම වැලැක්වීමේ එක් පියවරක් ලෙස, ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බව, රජය පවසයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ, මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 350ත් 400ත් අතර මුදලක් ඉන්ධන සඳහා වැය වන බවයි.

    ඒ අනුව, සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
    නව ඉන්ධන මිල ගණන් ....

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 177ක්.
    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 207ක්.

    ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 121ක්.
    සුපිරි ඩීසල් ලීටරයක නව මිල රු. 159ක්.

    භූමිතෙල් ලීටරයක නව මිල රු. 87ක්.

    Latest News