එප්පාවල, එළියදිවුල්වැවෙහි සිටි වන අලි දෙදෙනා තේක්ක රක්‍ෂිතයට....(වීඩියෝ)

දෙසැ 11, 2021
  • එප්පාවල, එළියදිවුල්වැවෙහි අද (11) පැය 12ක් පමණ රැඳී සිටි වන අලින් දෙදෙනා එප්පාවල තේක්ක රක්‍ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කළා.

    වැව් තාවුල්ලේ රැඳී සිටි අලි දෙදෙනා අලුයම 5.30ට පමණ වැවට බැස තිබෙනවා. වන අලියා සහ කුඩා දළ යුගලක් සහිත ඇතෙකු දවස පුරා වැවෙහි සැරිසරමින් සිටින අයුරු දැකගත හැකිවුණා. මෙම වැව එප්පාවල-තලාව ප්‍රධාන මාර්ගය අසල පිහිටා තිබීම නිසා වන අලි දෙදෙනා දැකබලා ගැනීමට විශාල පිරිසක් ඒකරාශීවීම හේතුවෙන් අලි දෙදෙනාට වැවෙන් ගොඩවීමට නොහැකිව පැය 12කට ආසන්න කාලයක් එහි රැඳී සිටීමට සිදුවූ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    පසුව වනජීවි නිලධාරින් සහ එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව පස්වරු 6.00ට පමණ වන අලින් දෙදෙනා රක්‍ෂිතයට පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ කළා. අලින් දෙදෙනා එල්පාවල තේක්ක රක්‍ෂිතයට පළවා හැරිමට හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

    Latest News