ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට රජයේ අවධානය...

දෙසැ 11, 2021

    කොරෝනා උවදුර පාලනය කරන අතරතුර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ද රජය ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

    මෙවර අයවැයෙන් ඉහළ ප්‍රමඛත්වයක් ලබාදී ඇත්තේ, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයටයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ , හාලිඇල මැතිවරණ බල ප්‍රදේශයේ සමෘද්ධි අරුණලු වැඩසටහනට අද (11) එක්වෙමින්. මෙහිදී සමෘද්ධි පවුල් 275 ක ජීවනෝපාය සංවර්ධනයට අවශ්‍ය උපකරණ බෙදා දෙනු ලැබුවා. එක් සමෘද්ධි පවුලක් සඳහා වෙන් කෙරුනු මුදල රු. 5,000.00 ක් රටේ කුමන ආකාරයේ ගැටලු ඇති වුවද ජීවනෝපාය සහ යටිතල පහසුකම් සංවර්ධනය අඩාලවීමට රජය ඉහ නොතබන බව, ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළා.

    Latest News