උත්සව සමයේ සතොසෙන් සහන මිලට භාණ්ඩ...

දෙසැ 11, 2021

    උත්සව සමයේ පාරිභෝගික භාණ්ඩ සතොස සහ ලක් සතොස මගින් සහන මිලට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    ජනතාවට නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 130.00කටත් ලබාගත හැකියි. තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 50 ක් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් සතොස හා ලක් සතොස මගින් අලෙවි කෙරෙන බවද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.

    Last modified on සෙනසුරාදා, 11 දෙසැම්බර් 2021 18:59

    Latest News