අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් එන්නත් ලබාදීම සාර්ථකයි....(වීසිආර්)

දෙසැ 11, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම මුළු දිවයිනම කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව ක්‍රියාත්මකයි.

    බූස්ටර් මාත්‍රාව මෙතෙක් ලබාගෙන ඇති පිරිස 11ස් ලක්‍ෂ 84,455ක්. බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ඉදිරි දෙසතිය තුළ අවසන් කරන ලෙස ජනාධිපතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටුවට ඊයේ උපදෙස් දුන්නා. උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය අරමුණයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකියි. අදත් ප්‍රදේශ රැසකදී බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

    Latest News