රත්නපුරයට කාබනික පොහොර නිෂ්පාදනාගාරයක්....(වීඩියෝ)

දෙසැ 11, 2021
  • කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් රත්නපුරයේ ආරම්භ කර තිබෙනවා.

    මාසිකව පොහොර ටොන් 250ක් නිෂ්පාදනය එහි ඉලක්කයයි. "සබරගමුව පොහොර" නමින් මෙම කාබනික පොහොර නිකුත් කිරීමට නියමිතයි. සේවකයින් 20ත්, 25ත් අතර සංඛ්‍යාවක් එහි සේවය කරනවා. එළු අපද්‍රව්‍ය, 20%ක් කොම්පෝස්ට් හා තවත් ඛනිජ ද්‍රව්‍ය කිහිපයක් පොහොර නිෂ්පාදනයට යොදා ගැනෙනවා. එම කාබනික පොහොර වී හා තේ වගාව සඳහා භාවිත කිරීමට නියමිතයි.

    කළුතර අඟුරුවාතොට පොලිසිය කාබනික පොහොර යොදා සාර්ථක එළවළු හා පළතුරු වගාවක් ආරම්භ කර තිබෙනවා. එහි ඵලදාව නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා. පසුගිය වසරේ සිට මෙම වගාව ආරම්භ කර තිබෙනවා.

    Latest News