යාපනයට නව පොල් ත්‍රිකෝණයක්.....(වීඩියෝ)

දෙසැ 10, 2021
  • යාපනය ප්‍රදේශය ආශ්‍රිතව නව පොල් ත්‍රිකෝණයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව, පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

    එහි සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව වසරක් තුළ මෙරට පොල් කර්මාන්තය ප්‍රවර්ධනය දෙගුණ කිරීමට අපේක්‍ෂා කරන බවයි. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් නාරාහේන්පිට පිහිටි පොල් සංවර්ධන අධිකාරියේදී ඊයේ පැවැත්වුණා. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව යන ප්‍රදේශ ආශ්‍රිතව නව පොල් ත්‍රිකෝණය පිහිටුවීමට නියමිතයි. ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරියේ නව ශාඛාව ලබන 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. නව රැකියා අවස්ථා 5,000ක් පමණ මෙමගින් උත්පාදනයට නියමිතයි.

    Latest News