ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප බිරිඳට ලබාදෙන බවට පකිස්තානු අගමැතිවරයාගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

දෙසැ 07, 2021
  • පකිස්තානයේ සියල්කොට් හිදී සාහසික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදලෙන් එම මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. මේ අතර, ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප නොනවත්වා බිරිඳට ලබාදෙන බව, පකිස්තානු අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News