මාර්ගගත ක්‍රමයට පත්තිරු හා ඔප්පු...

දෙසැ 07, 2021

    හෝමාගම, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය නව සේවා පරිශ්‍රයක් වෙත රැගෙනයාම සහ මාර්ගගත ක්‍රමයට පත්තිරු හා ඔප්පු පිටපත් ලබාදීම කෙට්ටාවෙන් අද ආරම්භ කෙරුණා.

    ඒ, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුුතු විමධ්‍යගත කිරීම හා වඩාත් කර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙහි අරමුණයි. www.online.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම මාර්ගගත සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

    හෝමාගම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් මහරගම, හෝමාගම, කඩුවෙල යන ප්‍රදේශවල ජනතාවට ඉඩම් ලියාපදිංචි කිරීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව අද සිට හිමිවෙනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ, මාර්ගගත සේවාව කුන්ඩසාලේ, නාරම්මල, වලස්මුල්ල යන ප්‍රදේශවලට ද ව්‍යාප්ත කරන බවයි. අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News